FAST NEWS

24×7 Around the Globe

විදේශ අධ්‍යාපන සිසුන්ට ෆයිසර් එන්නත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශ අධ්‍යාපනය සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ට දැනට දිවයිනට ගෙන්වා ඇති ෆයිසර් එන්නත ලබාදීමට අපේක්ෂා කරන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු කියාසිටියේ ඇතැම් රටවල් විසින් ෆයිසර් එන්නත පමණක් පිළි ගැනීම ඊට හේතුව බවයි.