FAST NEWS

24×7 Around the Globe

අධිකරණය හිටපු ඇමති ජනකගේ වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 24 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද(11) නියෝග කෙරිණ.

අධිකරණය විසින් එම නියෝගය නිකුත් කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවටයි.

මාතලේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු සම්පත් ගමගේ විසින් මෙම නියෝගය කළේය.

එදිනට ‍වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් චූදිතයින් නොමැතිව නඩුව විභාග කරන බවත්, එතෙක් සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කර ඇත.

මෙම නඩුව නොවැම්බර් 24 දින යළි කැඳවීමට නියමිතය.

1999 වසරේ සිදුවූ පුද්ගල ඝාතනයකට අදාළව දැනට ජනක බණ්ඩාර තෙන්නකෝන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.