FAST NEWS

24×7 Around the Globe

පරිප්පු – සීනි ආනයනයට රජය මැදිහත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රතු පරිප්පු සහ සුදු සීනි සතොස සහ සමූපකාරවල මැදිහත්වීම මත ආනයනය කිරීමට රජය තීරණයකර තිබේ.

දේශීය වෙළෙඳපොළේ ඉහළ මිල ගණන්වලට අදාළ භාණ්ඩ අලෙවිකරන බැවින් වෙළෙඳ අමාත්‍යාංශය විසින් මෙම පියවරගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් සීනි සහ රතු පරිප්පු සෘජුවම ආනයනයකර අලෙවි කිරීමට නියමිත අතර ඒ සඳහා ඊයේ (05) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

මේ අතර දේශීය වෙළෙඳපොළ මිල ස්ථායිකරණය සඳහා ලංකා සතොස සහ සමූපාකාර හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බවද සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ
මහතා පැවසීය.