ෆයිසර් එන්නත හෙට සිට ලබා දෙයි

ෆයිසර් එන්නත හෙට සිට ලබා දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ලබාගත්, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට (07) සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් ඊයේ (05) අලුයම මෙරටට රැගෙන ආවා.