FAST NEWS

24×7 Around the Globe

පාදෙණියේ අනතුරින් හමුදා සාමාජිකයෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනුරාධපුර පාදෙණිය මාර්ගයේ මහව අඹගස්වැව ප්‍රදේශයේ දී යුද හමුදා සාමාජිකයන් රැගත් ලොරි රථයක් හා තෙල් බවුසරයක් එකිනෙක ගැටීමෙන් හමුදා සාමාජිකයකු මියගොස්, තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ සෙබළුන් මහව සහ කුරුණෑගල රෝහල් වලට ඇතුළත් කර ඇති අතර බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි මහව පොලිසිය කියයි.