ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ බස්නාහිර සහ නිරිත දිග කොටස් වල වැසි තත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, බස්නාහිර, දකුණ, සබරගමුව, සහ වයඹ පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ද ඇති විය හැක.

තවද දිවයිනේ සෙසු පළාත් වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවටද එම දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.