FAST NEWS

24×7 Around the Globe

පළමු වරට ෆයිසර් එන්නත් තො ගයක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළමු වරට ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍ර 26,000 ක් දිවයිනට ලැබී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත මෙම ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාව ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.