FAST NEWS

24×7 Around the Globe

අතුරු වෛද්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය වෘත්තීය සමිති 14 ක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (04) දිනයේ ද ක්‍රියාත්මක වනවා.

අද දිනයේ බලධාරීන්ගෙන් තමන්ට නිසි පිළිතුරක් නොලැබුණොත් හෙට (05) දිනයේ සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ පවසනවා.

මෙම හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ (03) දිනයේද සේවා රැසක් අඩාල වූ බව ඔහු වැඩිදුරටත් සදහන් කළේ.