FAST NEWS

24×7 Around the Globe

වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ හමුදා මේජර් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | පොළන්නරුව) – මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බවට පැවසෙන සිදුවීමකට අදාළ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලීසියට පැමිණ භාරවිමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, අද (01) උදෑසන හබරණ පොලීසියට භාර වූ ඔහු කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය.

පසුගිය 23 වනදා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරි කටයුතුවල නිරතව සිටි වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බවට වනජිවි නිලධාරින් විසින් එම යුද හමුදා මේජර් ජෙනරාල්වරයාට චෝදනා කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින්ම හබරණ පොලිස් ස්ථානයට පැමිණිලි ඉදිරිපත් කර ඇති බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.