FAST NEWS

24×7 Around the Globe

දෙසැම්බර් පළමු වනදා සිට මගීන්ට දුම්රිය පා පුවරුව අකැපයි.

දුම්රිය පා පුවරුවේ ගමන්කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා කියා සිටියේ දෙසැම්බර් මස පළමු වනදා සිට මෙය ක්‍රියාත්මක කරන බවයි.

දුම්රිය ධාවනය වන අවස්ථාවේ විවිධ අක්‍රමිකතාවල නිරත පුද්ගලයින් සම්බන්ධයෙන් ද අවධානයෙන් පසුවන බව විජය සමරසිංහ මහතා කියා සිටියේය.