FAST NEWS

24×7 Around the Globe

පාසල් වහල සෙවිලි කිරීමේදී ඇස්බැස්ටෝස් තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාසල් සහ පෙරපාසල් වල අලුතින් ඉදිකෙරෙන වහලවල් සඳහා ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඊට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට ලැබී ඇති බවයි.