FAST NEWS

24×7 Around the Globe

සංචාරක ක්ෂේත්‍රයේ ආයතනවල සේවකයින්ට දෙසැම්බර් දක්වා සහන

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වී ඇති සංචාරක ක්ෂේත්‍රයේ ආයතන සඳහා සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෑම සේවකයෙකුටම සේවය කිරීමට හැකි වන පරිදි සමානුපාතිකව අවස්ථාව ලබාදිමට සහ සේවකයන් නිවෙස් තුළ රැඳිය සිටිය යුතු වන්නේ නම් අවසාන වරට ගෙවන ලද වැටුපෙන් සියයට 50 ක් හෝ රුපියල් 14,500 ක මුදලින් වඩා වාසිදායක මුදල ලබාදීම වැනි තීරණ කිහිපයක්ද ගෙන තිබෙනවා.