FAST NEWS

24×7 Around the Globe

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාවට එන්නත් වර්ග දෙකක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මෝඩර්නා සහ ෆයිසර් කොරෝනා එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තිරණය කර තිබෙනවා.

එහි බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුවේ අනුමැතිය ඊට හිමි වු බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ.

එමෙන්ම, මොඩර්නා එන්නත මෙරට හදිසි භාවිතය සඳහාද අවසර ලබා දී ඇති බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ.