FAST NEWS

24×7 Around the Globe

එජාපයෙන් පළාත් පාලන නව නියෝජිතයින් දිවුරුම්දීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගයට සහය දැක්වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් වෙනුවට පත් කල නව නියෝජිතයින් දිවුරුම්දීම අද සිදුකිරීමට නියමිතයි.

අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කලේ.

සමගි ජන බළවේගයට සහය දැක්වීම හේතුවෙන් මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන් 69 දෙනෙකු පසුගියදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරනු ලැබුවා.

ඔවුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පිරිසක් අද මෙලෙස දිවුරුම් දීමට නියමිතයි.