FAST NEWS

24×7 Around the Globe

සාගර පත්ලට වූ හානිය ගවේෂණයට විශේෂ නෞකාවක් මෙරටට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට සාගර පත්ලට වූ හානිය ගවේෂණය සඳහා ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායට අයත් විශේෂ නෞකාවක් මෙරටට පැමිණ තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනි ලහඳුපුර මහත්මිය සඳහන් කළේ, අදාළ නෞකාව මගින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මුහුදු පතුලේ ගිලී ඇති කොටස ද අද(27) සිට නිරීක්ෂණය කරන බවය.

අදාළ නෞකාව මගින් පානදුර සිට මීගමුව දක්වා මුහුදේ සාගර පතුල ගවේෂණය කරනු ඇතැයි ඇය ප්‍රකාශ කළා ය.

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙරළ තීරවලට ගොඩ ගැසු මිය ගිය කැස්බෑවන්, ඩොල්ෆින් ඇතුළු සියලු සත්ත්වයින්ගේ පටක කොටස් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන බව ද දර්ශනි ලහඳුපුර මහත්මිය පැවසුවාය.