FAST NEWS

24×7 Around the Globe

රජය දඬුවම් විඳින කොටි සමාජීකයෝ නිදහස් කීරීමට සැරසෙනවා – ගම්මන්පිල

රජය නිදහස් කිරීමට සැරසෙන කොටි සැකකරුවන් අතර දඬුවම් විඳින කොටි සාමාජිකයන් ද ඇතැයි වාර්තා වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

මේ නිදහස් කිරීමට යන්නේ අවසන් සටනේ දී අත්අඩංගුවට පත් වූ සැකකරුවන් නොව, පොලිසිය හා ත්‍රවිධ හමුදා විසින් අපරාධවලට සැකපිට අත්අඩංගුවට ගත් අය බව ද ගම්මන්පිල මහතා කීවේය.

දෙමළ ජාතික සංධානයේ බලපෑම් මත මෙවැනි සැකකරුවන් 217 දෙනෙකු නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා කොටි සැකකරුවන් දේශපාලන සැකකරුවන් ලෙස හඳුන්වන නමුත්, දේශපාලන සැකකරුවන් යනු අපරාධවලට හවුල් වූවන් නොව, යම් දේශපාලන මතයක් දැරීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූවන් වන බවත් ඔහු කීවේය.