FAST NEWS

24×7 Around the Globe

ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග විවාද දිනය මීළග පක්ෂ නායක රැස්වීමේදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන මිල වැඩි කිරිම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය මීළග පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව තිබෙනවා.

ජුලි 06 වැනිදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කර විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය එහිදී තීරණය කිරීමට නියමිතයි.