FAST NEWS

24×7 Around the Globe

එක්ස්ප්‍රස් පර්ල් හිමිකරුවන්ගෙන් ධීවර ප්‍රජාවට රුපියල් මිලියන 720 ක අතුරු වන්දියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට වන්දි මුදල් ගෙවීමට නෞකාවේ හිමිකරුවන් එකඟ වී තිබේ.

ගින්නෙන් විනාශ වූ යාත්‍රාවේ හිමිකරුවන් අතුරු වන්දි මුදලක් වශයෙන් රුපියල් මිලියන 720 ක් එම ව්‍යසනයෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට ලබා දෙන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.