FAST NEWS

24×7 Around the Globe

දුමින්දට සමාව දීම ඇමරිකාවේ විවේචනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුමින්ද සිල්වා හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමාව ලබාදීම හරහා නීතියේ ආධිපත්‍යය අවතක්සේරු සිදු කර ඇති බවට ඇමරිකා එක්සත් ජනපදය පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගත් සිරකරුවන් ඉක්මනින් නිදහස් කිරීම එක්සත් ජනපදය පිළිගන්නා අතර, දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍යය අවතක්සේරු කිරීමක් බව මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය පවසයි.