සංචරණ සීමා ඉවතට: පළාත් අතර සංචරණය තවදුරටත් තහනම්

සංචරණ සීමා ඉවතට: පළාත් අතර සංචරණය තවදුරටත් තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00 ට ඉවත් කෙරුණා.

කෙසේවෙතත්, පළාත් අතර, සංචරණය තවදුරටත් තහනම් වන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

මාසයක කාලයක් පුරා පැවති සංචරණ සීමා පසුගිය 21 වන දා අලුයම 4.00 ට ඉවත් කෙරුණු අතර යළිත් එම සංචරණ සීමා පෙරේදා (23) රාත්‍රී 10.00 සිට අද අලුයම 4.00 දක්වා පනවනු ලැබුවා.