FAST NEWS

24×7 Around the Globe

රිෂාඩ්ගේ පෙත්සම සලකා බැලීමෙන් තුන්වන විනිසුරුවරයත් ඉවත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරයෙකු අද (23) ඉවත් වී තිබේ.

තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත.

එම පෙත්සම් අද ප්‍රීති පද්මන් සූරසේන, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා දැනුම් දුන්නේ පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බවය.

මීට පෙරද මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවා තිබූ අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවන්වූ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා සහ යසන්ත කෝදාගොඩ ද පෙත්සම සලකා බැලීමෙන් ඉවත් විය.