FAST NEWS

24×7 Around the Globe

සංචරණ සීමා නිසා දුම්රියට කෝටි 46ක පාඩුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට පැනවූ සංචරණ සීමා හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (11) වන තෙක් දින 21 ක් තුළ ලබා ඇති අලාභය රුපියල් මිලියන 460ක් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා පැවසීය.

දිනක් තුළ දිවයින පුරා ධාවනය වන දුම්රිය හේතුවෙන් දිනකට රුපියල් මිලියන 20 කට අධික ආදායමක් උපයන බව කියා සිටි එම දෙපාර්තමේන්තුව ඉකුත් මැයි මස 21දා සිට ඊයේ (11) දක්වා මේ අලාභය සිදුව ඇති බවද දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා කියා සිටියේය.

දිනකට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ගමන් වාර 350කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා ධාවනය කරයි.

කොවිඩ් සංචරණ සීමා හමුවේ දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් එම අලාභය සිදුව ඇති බවත් එහි සේවකයන්ට අලාභ මධ්‍යයේ වැටුප් ගෙවීම කරන බවත් සාමාන්‍යාධිකාරිවරයා වැඩි දුරටත් කීය.