FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන රීති කැඩූ 1,000 කට අධික පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,027 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 30,042ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.