FAST NEWS

24×7 Around the Globe

සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.   

ඒ අනුව එම සංචරණ සීමා මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත.

යුද හමුදාපතිවරයා ඊයේ සඳහන් කළේ මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා එළැඹෙන සඳුදා 4ට ලිහිල් කරන බවයි.

කෙසේ වෙතත් එම තීරණය වෙනස් කරමින් මෙසේ නැවතත් එළැඹෙන 21 දා තෙක් සතියකින් සංචරණ සීමා දීර්ඝ කර තිබේ.