FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා මරණ 101 ක් වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා මරණ 101 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගොස් ඇත. 

වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2,011 ක් ලෙසටයි.‍

එකවර වාර්තාවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවද මෙය වෙයි.

එමෙන්ම අද පෙරවරුවේ දිවයිනට ලැබුණු ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 65,000 න් 50,000 ක් පළමු මාත්‍රාව ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින්ට ලබාදීමට නියමිතව ඇත.

අනෙකුත් එන්නත් මාත්‍රා 15,000 දෙවන මාත්‍රාව ලෙස ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයින්ට ලබාදීමටයි නියමිත බව ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටියේය.