හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය පසුගිය ජනාධිපතිවරණ සමයේ රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණ කළ බවට චෝදනා එල්ල කරමින් පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.
ඒ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා විරවර්ධනගේ නියෝගයකට අනුවයි.
අදාළ නඩුව පෙබරවාරි මස 12 වනදා විභාග කෙරෙනු ඇති.
පසුගිය ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් දිවයින පුරා විහාරස්ථානවල බැතිමතුන්ට සිල් රෙදි ලබාදීම සඳහා භාවිත කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.







