FAST NEWS

24×7 Around the Globe

ලීසිං සඳහාත් සහනයක් හිමිවන ළකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 තෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමගම බලපෑමට ලක්වූ පුද්ගලයින් හා ව්‍යාපාර විසින් සහන සලසන මෙන් කළ ඉල්ලීම් රැසක් මේ වන විට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.   

ඒ අනුව කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් හා ව්‍යාපාර වෙත ලබා දෙන ණය සහන දීර්ඝ කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙතින් ඉල්ලීමක් කර ඇත.

මෙම සහන සඳහා සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන් ඊට අදාළ අයදුම්පත් 2021 ජූලි 15 දින හෝ ඊට පෙර අදාළ සමාගම් වෙත යැවිය යුතු වෙයි.