FAST NEWS

24×7 Around the Globe

ජුනි 14 වනදායින් පසු සංචරණ සීමා පිළිබඳ නවතම තීරණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.    

එම දිනයෙන් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට නියමිත බවට සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි 14 වන දින පෙරවරු 4ට ඉවත්කිරීමට නියමිතය.