FAST NEWS

24×7 Around the Globe

විශ්‍රාම ගිය හෙද හෙදියන්ට අගමැතිගෙන් ආරාධනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්‍රාම ගිය හෙද හෙදියන් ද අවශ්‍යතාවය අනුව කොන්ත්‍රාත් පදනම යටතේ නැවත සේවයට බඳවා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී ඇත.   

අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ අරලියගහ මන්දිරයේ අද (09) පැවති සාකච්ඡාවකදීය.

හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව පවත්වා ඇත.

හෙද හෙදියන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.

මෙම සාකච්ඡාවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජනරාල්, වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පැවසුවේ හෙද හෙදියන්ගේ සේවා කාලය වසර 63ක් දක්වා දීර්ඝ කිරීමේ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතියට යොමු කර ඇති බවයි.