FAST NEWS

24×7 Around the Globe

රේගුව විසින් රාජසන්තක කළ අත්‍යවශ්‍ය ආහාර සතොස හරහා සහන මිලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට වරායන් මගින් නිදහස් කරගනු නොලබන සහ ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා සහන මිලකට මහජනතාව වෙත අලෙවි කිරීමට රජය තීරණය කර ඇත.   

ඒ වෙළද අමාත්‍යවරයා සහ වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වීමත් සමගයි.

කොවිඩ් 19 වසංගතය යටතේ මහජනතාව අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහසු මිලට හිඟයකින් තොරව ලබාදීමේ ක්‍රමවේදයක් දැනටමත් ලංකා සතොස ආයතනය විසින් ආරම්භ කර ඇති අතර ඊට සමගාමීව මෙම ක්‍රියාවලිය ද ආරම්භ කෙරෙනු ඇති.