FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 10 ට රැස්වීමට නියමිතව තිබේ.   

ඒ අනුව උදෑසන 10 සිට පස්වරු 04.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙනු ඇත.

අද දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සභාවාරය සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැඳවීමට තීරණය කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ලබාදුන් නියෝගයකට අනුව මන්ත්‍රීවරුන් දෙදෙනාට හෙට දිනයේ පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිවනු ඇත.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.