කරාතේ වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ ඇතුළු සැකකරුවන් 37 දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් අමරසේන හෙට්ටිගේ හමුවට අද (09) පෙරවරුවේ ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
අනුරාධපුර – මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජශාලාවකදී තියුණු ආයුධවලින් පහරදී කරාතේ වසන්ත ඝාතනය කළේ පසුගිය 24 වනදාය.
සිද්ධියෙන් එම සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු තුන් දෙනෙකු තුවාල ලැබුහ.







