FAST NEWS

24×7 Around the Globe

සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදීම අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අද (08) සිට ආරම්භ කිරීමට නියමිතයි.

තමන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙන අවස්ථාවේ නිකුත් කළ කාඩ් පතෙහි සඳහන් කර ඇති දිනයට අනුව දෙවන මාත්‍රාව ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

යම් අයෙකුට අදාළ දිනයට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට නොහැකි වුවහොත් ඒ පිළිබද ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා දැනුවත් කර වෙනත් දිනයක් ලබාගත හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණි.

ගතවූ දිනයේදි නව ආසාදිතයින් 2,646 හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන දෙලක්ෂ 7979 දක්වා ඉහළ ගියහ.

එමෙන්ම තවත් කොරෝනා මරණ 47 ක් ඊයේ (07) තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,789 ක් දක්වා වැඩි විය.