FAST NEWS

24×7 Around the Globe

තාක්ෂණික දෝෂයක් නිසා යානයක් හදිසියේ ගොඩබායි

(ෆාස්ට් නිව්ස් | ත්‍රිකුණාමලය) – ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ත්‍රිකුණාමලයේ නිලාවේලි , ඉරක්කන්ඩි ප්‍රදේශයට හදිසියේ ගොඩබෑමට ලක්කළ බව ගුවන් හමුදාව පවසයි.   

කෙසේවෙතත් මෙම හදිසි ගොඩබෑම හේතුවෙන් ගුවන් නියමුවන් දෙදෙනාට අනතුරක් සිදුවී නොමැති අතර ඔවුන්ගේ දක්ෂතාව හේතුවෙන් සිදුවීමට ගිය අනතුරක් වලක්වා ගැනීමට හැකිවූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බල ඝන නායක දුශාන් විජේසිංහ පවසයි.