FAST NEWS

24×7 Around the Globe

රත්නපුර ඇල්ල දේවාලය අසල නායයාමකින් තිදෙනෙක් අතුරුදන්

(ෆාස්ට් නිව්ස් | රත්නපුර) – නාය යාම් සහ පස්කදු කඩා වැටීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.    

රත්නපුර ඇල්ලේ දේවාලය අසල පස් කන්දක් එලෙස නායයෑමට ලක්ව තිබේ.

වර්ෂාව තවදුරටත් බලාපොරොත්තු විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් වඩාත් සැළකිලිමත්ව කටයුතු කරන ලෙස ආපදා කළමණාකරන මධස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ් ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවට දැනුම් දෙයි.