FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථාන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් කට්ටක් මහතා සහා වෙළඳ හා ආයෝජන සම්බන්ධීකාරක අස්මා කමල් මහත්මිය ශ්‍රී ලංකා වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හමුවී පාකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා සාකච්ඡා පවත්වනු ලැබීය.   

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාමට ඇති බාධක ඉවත් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික වෙළඳාම සහ ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පාකිස්තානයට සංචාරයක් කරන ලෙස මහ කොමසාරිස්වරයා වෙළද අමාත්‍යවරයාට ආරාධනා කළේය.