FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන නීති නොතැකූ 947 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය ගිය පැය 24 තුළ පුද්ගලයින් 947 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියි.   

වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයේනි. එම පුද්ගලයන් 163 කි ,ඒ වගේම කුලියාපිටිය ප්‍රදේශයේන් 88 සහ නිකවැරටිය ප්‍රදේශයෙන් පුද්ගලයන් තිබෙනවා මීට අමතරව 73 අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඉකුත් ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා පුද්ගලයන් 21087 ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර , මේ වන විට 19000 කට නඩු පවරා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.