FAST NEWS

24×7 Around the Globe

අද සියලු සතොස ශාඛා විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (03) දිනයේදී සියලු සතොස ශාඛා විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.  

සතොස අලෙවිසැල් ජාලය, ආරක්ෂක අංශ ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළින් මහජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ලබා දීමේ ක්‍රමවේදයක් මේ වන විට ද ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කිසිදු බාධාවකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථ මගින් නිවෙස් වලටම ලබා දීමට කටයුතු කරන බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේය.