FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.   

එමෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතීමේ හැකියාවක් පවතී.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඊයේ දිනයේදී වැඩිම වර්ෂාපතනය සටහන්වී ඇත්තේ ඉංගිරියෙන් වන අතර එය මිලිමීටර් 215 ක්.