FAST NEWS

24×7 Around the Globe

කඩුවෙල නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීති විරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී ජීප් රථයක් වසර 05 ක් පුරා භාවිත කළ කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.  

සැකකරු අද (02) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.