FAST NEWS

24×7 Around the Globe

හෙද හෙදියන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණ්දී‍රි ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.   

එහි ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා පැවසුවේ සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඊට නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් එම තීරණයට පැමිණි බවය.

ඒ අනුව හෙට උදෑසන සිට අනිද්දා (01) උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.