FAST NEWS

24×7 Around the Globe

නෞකාවේ ගින්න ගැන කාපිතාන් ඇතුළු පිරිසගෙන් ප්‍රකාශ ගැනීම හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ ගින්න සහ එමගින් සිදු වු පරිසර හානිය සම්බන්ධයෙන් නැවේ කාර්ය මණ්ඩලයේ කපිතාන්වරයා ඇතුළු 25 දෙනෙකුගෙන් හෙට දිනයේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.    

මෙම කාර්ය මණ්ඩලය දැනට නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් ,ඔවුන්ගේ නිරෝධායනය කාලය හෙට දිනයෙන් අවසන් වීමට නියමිත හෙයින් හෙට දිනයේ මෙම ප්‍රශ්න කිරීම් ආරම්භ කරන බව අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

නෞකාවේ ගින්නෙන් පරිසරයට හා සමුද්‍රයට හානි සිදුව ඇති බවට සමුද්‍රිය පරිසර අධිකාරිය පොලිසියට ඉකුත් 23 වැනි දින කළ පැමිණිල්ලකට අදාළව පොලීසිය මෙම පරීක්ෂණය ආරම්භ කර තිබිණි.