FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් මරණ සමස්තය 1,400 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) -තවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 1,405ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

අද තහවුරු කළ මරණ 42න් 29 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 13 දෙනා කාන්තාවන් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මියගිය පුද්ගලයින් අවුරුදු 35ත් 93 ත් අතර වයස්වල පසුවන්නන් බවට තහවුරු වී තිබේ.