FAST NEWS

24×7 Around the Globe

ආර්ථික මධ්‍යස්ථාන වෙත ගමන් කරන වාහන සඳහා අද රාත්‍රියේ සිට අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (30) සහ අනිද්දා (31) දිනයේ දී ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බැවින් අද රාත්‍රියේ සිට ආර්ථික මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අවසර හිමිවන බව පොලීසිය ප්‍රකාශ කරයි.   

කෙසේවෙතත් ඒ සඳහා අවසර හිමි වන්නේ ආහාර , එළවළු , මත්ස්‍ය ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය නිෂ්පාදන සපයන්නන්ගේ ලොරි රථ සහ වාහන වලට පමණි.

ඒ සඳහා විශේෂ අවසර පතක් අවශ්‍ය නොවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.