FAST NEWS

24×7 Around the Globe

ස්පුට්නික් V එන්නත් තොගය මහනුවරට

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – මෙරටට ඊයේ (27) රාත්‍රියේ රැගෙන ආ “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ලබාදීමට කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ස්පුට්නික් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ලබාදිය යුත්තේ දෙවන මාත්‍රාවට අදාළව නිෂ්පාදනය කළ එන්නත් බැවින් එම එන්නත් ගෙන්වා ගැනීමට ඉදිරියේදී කටයුතු කළයුතු බවය.