FAST NEWS

24×7 Around the Globe

එළඹෙන සතියේ සිට රුපියල් 5,000 දීමනාව යළිත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන සතියේ සිට රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. 

රජයේ සේවකයින් නොවන දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත මෙම දීමනාව යළි ලබාදෙන බව ඔහු සඳහන් කළේය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසීය.