FAST NEWS

24×7 Around the Globe

ඉදිරි පැය 24 සදහා බලපැවැත්වෙන පරිදි තද සුළං අවදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි පැය 24 සදහා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ රලු මුහුදු ප්‍රදේශ පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 40 ත් 50 ත් පමණ වන අතර පුත්තලම සිට කොළඹ – ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 ත් 70ත් දක්වා වැඩි විය හැකියි.

පුත්තලම සිට කොළඹ – ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රලු විය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබද අවධානයෙන් සිටින ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.