FAST NEWS

24×7 Around the Globe

සුව සේවාව අද සිට වැඩ වරති

වැටුප් ගැටලූවක් මුල්කර ගනිමින් අද (26) උදෑසන සිට දින 2ක වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසනවා. එහි සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පවසා සිටියේ රෝහල් සෞඛ්‍ය කාර්යය සහයකයන්, උපස්ථායකයින් ඇතුළු ශ්‍රේණි 30කට පමණ අයත් හතළිස් දහසක පමණ සෞඛ්‍ය සේවකයින් පිරිසක් මෙම වැඩවර්ජනයට එක්වන බවය.

මේ අතර මුදල් අමාත්‍යංශයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ සෞඛ්‍ය ශ්‍රේණි 27ක සේවකයින් හතළිස් දහසකට පමණ රුපියල් දහසක දීමනාවක් ලබාදීමට මුදල් අමාත්‍යවරයා එකඟතාව පළ කර ඇති බවය.

සෞඛ්‍ය වෘත්තීය සමිති 22ක නියෝජිතයින් සමග ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මීට එකඟත්වය පළ වූ බවද රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.