FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරින් 22,000 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ දී නිරෝධායන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා පොලිස් නිලධාරින් විසිදෙදහසකට ආසන්න සංඛ්‍යාවක් යොදා ඇතැයි පොලිසිය සඳහන් කරයි.   

නිරෝධායන රීති කඩ කඩකිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 423ක්.

ඊයේ (21) රාත්‍රි 11.00 ට දිවයින පුරා පැනවූ සංචාරණ තහනම මේ වනවිට ක්‍රියාත්මකයි.

ලබන 25 වැනිදා අලුයම 4.00 වන තෙක් එම සංචරණ තහනම බලපැවැත්වෙනු ඇති.

යළිත් 25 වැනිදා රාත්‍රි 11.00 ට දිවයින පුරා පැනවෙන සංචරණ තහනම ලබන 28 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වේ.