FAST NEWS

24×7 Around the Globe

එච්.එන්.ඩී.ඒ සටන ජය ගනියි – උපාධිය හිමී වෙයි.

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාවට (එච්.එන්.ඩී.ඒ)වාණිජවේදී උපාධිය හා සම අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

තම පාඨමාලාව යළි උපාධිය හා සමකරන ලෙස ඉල්ලා එම සිසුන් විසින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ මෙහෙවීමෙක් කරන ලද විරෝධතා ව්‍යාපාරයට පොලීසිය විසින් ප්‍රහාර එල්ල කිරීමත් සමග මේ පිළිබඳ අවධානය යොමුවිය.

ඉක්බිතිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය පී.එස්.එම් ගුණරත්න මහතා පසු ගිය දිනෙක මාධ්‍ය හමුවක් කඳවමින් කියා සිටියේ ඊට අදාළ 46 /90 චක්‍රලේඛය නැවත බලාත්මක කළ හැකි වුවද ඊට කැබිනට් අනුමැතිය අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් අදාළ චක්‍රලේඛයට කැබිනට් අනුමැතිය හිමිවූ බව අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය විය.